ඔමික්‍රෝන් උප ප්‍රභේද දෙකක් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විමසිල්ලෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරුරේ ප්‍රතිශක්තිය අඩපණ කරන මෙම නව ප්‍රභේද “BA.4” සහ “BA.5” යනුවෙන් විද්‍යාඥයන් නම් කර ඇත.
මෙම උප ප්‍රභේද දෙක කොවිඩ් එන්නත්වලට පවා ප්‍රතිරෝධයක් දක්වන බව දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයට පෙන්වා දී ඇත.
ඔමික්‍රෝන් ප්‍රභේදය පළමුවෙන් හඳුනා ගනිමින් ඒ බව ලොවට ප්‍රසිද්ධ කළේ ද දකුණු අප්‍රිකා විද්‍යාඥයන්ය. ලොව ප්‍රමුඛ පෙළේ වයිරස පර්යේෂණ ආයතන ඇත්තේ ද දකුණු අප්‍රිකාවේය.
පළමු ඔමික්‍රොන් විකෘතිය BA.1, BA.2 සහ BA.3 ආදී වශයෙන් බෙදී වෙන්වී ගොස් ඇති අතර, මෙම උප ප්‍රභේද තුනට වඩා අලුතින් හඳුනා ගැණුනු BA.4 සහ BA.5 උප ප්‍රභේද බිහිසුණු බවත්, එය යළිත් වරක් ලොව පුරා කොවිඩ් වසංගත රැල්ලක් ඇති කිරීමට හේතුවක් වීමට ඉඩ ඇති බවත් දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පැහැදිලි කර තිබේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට