සියලු පක්ෂවලින් සැදුම්ලත් අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ අද (29) දිනයේ ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ මන්ත්‍රී පිරිස සමග පැවැති සාකච්ජාවකින් පසුවයි.
තවද, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කර සිටියේ සියලු පක්ෂ වල නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවා එම සභාවට නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත්කරගැනීම සදහා වගකීම පැවරෙන බවයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට