තට්ටු මාරු කයිවාරු කාරයන්ට රට කරන්න බෑ : විපක්ෂයේ ඉඳගෙනත් අපි රටට වැඩ කරනවා
සමගි ජන බලවේගය පක්ෂ දේශ පාලනය නොකරන බවත් ඒ වෙනුවට දේශ සේවය තෝරාගෙන ඇති බවත් සමගි ජන බලවේගය පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ තට්ටු මාරු ක්‍රමය සහ කයිවාරුව රටේ ජනතාව අසරණ කර ඇති බවයි.
ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ කාර්යභාරය ද ජනතා සේවයට කැපවීම බව පවසන ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය හරහා “හුස්ම” වැඩසටහන දියත් කර රටේ ජනතාව වෙනුවෙන් බොහෝ දේ ලබා දු බවද සිහිපත් කළා.
විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මුත්තූර් ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවකට එක්වෙමින්.
රටක් ගොඩනැගිය හැකි ප්‍රායෝගික එකම විකල්පය සමගි ජන බලවේගය බවද ඔහු එහිදී අවධාරණය කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට