ජනාධිපති පත් කිරීමට හරියන්නේ ඒකලු
රටේ ජනාධිපතිවරයා තේරීමේදී ඇමරිකානු පන්නයේ මැතිවරණ ක්‍රමයක් යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසනවා.
අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා.
නිතරම ඇමෙරිකාව ඇතුළු අධිරාජ්‍ය විරෝධී මතවාද දරන පුද්ගලයෙකු ලෙස පෙනී සිටින ගෙවිඳු කුමාරතුංග මහතාගේ මෙම අදහස විශේෂයි.
ඉකුත් ජනාධිපතිවරණයේදී සුවිශේෂී ප්‍රදේශ කිහිපයක් පමණක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් රටේ ජනාධිපතිවරයා තේරී පත්වීම හේතුවෙන් ඉදිරියේදී නව ව්‍යවස්ථාවක් සෑදීම සඳහා පත්කර ඇති විශේෂ කමිටුවට යුතුකම සංවිධානය වැනි සංවිධාන එක්ව එම යෝජනාව ඉදිරිපත් කළ බව ඒ මහතා සඳහන් කරනු ලැබුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට