Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශපාලුවන්ගේ අසික්කිත වැඩ ගින්දරෙන් මතුවෙයි

අණ පනත් සුනේ සුන්

රටේ බරපතල අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් පවතින අවස්ථාවක අවස්ථාවාදී දේශපාලකයින් විසින් තම නිවෙස් තුළ නීති විරෝධී ආකාරයෙන් එම ද්‍රව්‍ය ගොඩ ගසාගෙන සිටි අයුරු මේ වන විට හෙළිව තිබෙනවා.

සාමකාමී ජන අරගලයට පොහොටුවේ මැරයින් විසින් එල්ල කළ ප්‍රහාරයේ ප්‍රතිඵලය ලෙස ප්‍රකෝප වූ ජනතාව ආණ්ඩුවේ දේශපාලකයින් රැසකගේ නිවාස වලට පහර දී ගිනි තබා තිබුණා.

වාර්තා වන අන්දමට එලෙස ගිනි තැබූ නිවාස බොහොමයක අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන, ගෑස් සහ පොහොර තොග පවා නීති විරෝධී අයුරින් ගබඩා කර තිබු බව අනාවරණය වී තිබෙනවා.

තිස්සමහරාම කිරින්ද මාගම ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට අයත් නිවසක සඟවා තිබූ යූරියා පොහොර මිටි 300ක්, ඩීසල් ලීටර් 3000ක්, වී මිටි 200ක තොගයක් සහ රතු පරිප්පු තොගයක් හමුව තිබෙනවා.

මේ අතර උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අයත් දිඹුලාගල බඳනාගල පිහිටි ගොවිපළකින් යුරියා මිටි 400 ක් පමණ හමුවූ බවට වාර්තා මේවන විට ප්‍රසිද්ධ කර තිබෙනවා.

පිළියන්දල මාවිත්තර ප්‍රදේශයේ පිහිටි හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවසේ තිබී ගෑස් සිලින්ඩර 50 කට වැඩි ප්‍රමාණයක් හමු වූ බවද පැවසෙනවා.

එමෙන්ම එම නිවසේ බාස්මති ඇතුළු සහල් වර්ග කිලෝ ගණනක් ගබඩා කර තිබු බව ද පැවසෙනවා.

කුරුණෑගල ප්‍රදේශයේ දී ජනතාව ගිනි තබා විනාශ කළ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව හා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපති අචල නිමන්ත යන අයගේ නිවෙස්වල තිබී කිලෝග්‍රෑම් 12.5ක් බරැති ගෑස් සිලින්ඩර 140ක් පමණ සොයා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මෙම සියලුම ගෑස් සිලින්ඩර ජනතාව රැගෙන ගොස් ඇත.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සතුව තිබූ කුරුණෑගල වැව පාරේ නිවෙසේ ලාෆ් ගෑස් සිලින්ඩර අසූවකට වැඩි සංඛ්‍යාවක් තිබී ඇති බව ද සඳහන්.

මේ අයුරින් ආණ්ඩුවට සම්බන්ද තවත් දේශපාලකයින් රැසකගේ නිවෙස් වලින් නීති විරෝධී ලෙස සඟවා ගෙන සිටි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් මතුව ඇති බවද වාර්තාවනවා.

About The Author