Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දේශපාලන බල පෙරළි උප්පරවැට්ටි දැමීමට ගොස් MCC ප්‍රදානය රටට අහිමි වුවා ද?

මහින්දගේ කාළේ ඉල්ලුම් කළ MCC ප්‍රදානය මංකොල්ල කෑවා -ඇමෙරිකානු තානාපතිවරිය කියයි

ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ එම්සීසී (මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්-MCC) වැඩසටහන ත්‍යාගයක් බවත් එම යහපත් සංවර්ධන වැඩසටහනින් ප්‍රයෝජන ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට තිබූ අවස්ථාව කොල්ලකෑමට ලක්වූ බවත් කොළඹ එක්සත් ජනපද තානාපති ඇලයිනා බී. ටෙප්ලිට්ස් සඳහන් කරනවා.

ඇය මේ බව සඳහන් කරන ලද්දේ ‘දෙරණ’ රූපවාහිනියේ විකාශය වූ ‘හයිඩ් පාර්ක්’ නමැති වැඩසටහනට එක්වෙමින්.

තානාපතිවරිය එම්සීසී ගිවිසුම පිළිබඳව එහිදී මෙසේද අදහස් පළකළාය.

“ඒක තෑග්ගක්. ණයක් නෙවෙයි, ප්‍රදානයක්. ඇමෙරිකානු ජනතාව ලබාදුන්නු. එය අපේ අනෙකුත් සංවර්ධන ප්‍රදානයන් වැනි දෙයක්. එබැවින් යහපත් සංවර්ධන වැඩසටහනකින් ප්‍රයෝජන ලබා ගැනීමට තිබූ මෙම අවස්ථාව යම් ආකාරයකින් ලාංකික ජනතාවගෙන් කොල්ලකෑමට ලක්වීම කනගාටුවට කරුණකි.

මේක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ සිට රජයේ (ශ්‍රී ලංකා) විවිධ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් ලබාදුන් වැඩසටහනක්. එය ආර්ථික වර්ධනයට ඇති තීරණාත්මක බාධක මගහරවා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද අතර එම නිසා ප්‍රවාහන, යටිතල පහසුකම්වලට උදව් කිරීම සහ ඉඩම් මිලදී ගැනීම් සහ හිමිකාරීත්වයන් ඩිජිටල්කරණය කිරීමට උපකාර කිරීමක්.”

තානාපතිවරිය පවසන සහ දෙරණ ඔස්සේ වාර්තා කරන කරුණු සත්‍ය නම් මෙම ප්‍රදානය රටට අහිමි කර මංකොල්ල කෑවේ කවුද?

MCC බිල්ලෙකු මවා 2019 ජනාධිපතිවරණයේදී ජනතාව තුළ රට බෙදීයාමේ බියක් ජනිත කරමින් බලය ලබාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිස මෙම ප්‍රදානය රටට අහිමි කළා ද?

යහපාලන රජය එය මංකොල්ල කෑවාද?

නැතිනම් මෙම ගිවිසුම සැබවින්ම රටට අහිතකර එකක් ද?

මේ පිළිබඳ ජනතාවට සත්‍ය තත්වය හෙළිකිරීම පාලකයන්ගේ වගකීම නොවන්නේද?

About The Author