දේශපාලන නායකයන් ගේ අවශ්‍යතා සහ වුවමනාවන් අනුව ක්‍රියාත්මක වන පොලිසියකින්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකින්, අධිකරණ පද්ධතියකින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු විය නොහැකි බව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසනවා.
අගරදගුරු නිල නිවසේදී අද ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් උන්වහන්සේ මේ බව පෙන්වා දෙන්නට යෙදුනා.
එහිදී උන්වහන්සේ අවධාරණය කළේ මේ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින් ජනාධිපතිවරයාට අද දිනයේ ලිපියක් භාරදීමට කටයුතු කරන බවයි.
“ජනාධිපතිවරයාට අද ලිපියක් ලබාදෙනවා. පස්කු ප්‍රහාරයේ විමර්ශන විග්රහ කරලා බලලා තමයි මේ ලියවිල්ල සකස් කළේ. අපි බලාපොරොත්තුවෙනවා මීට වඩා සක්‍රීය විමර්ශනයක්. පාස්කු ප්‍රහාරය පිළිබඳ තත්ත්වය රටේ ආරක්ෂාවට ලොකු බාධාවක් යන නිගමනයෙන් තමයි අපි හිටියේ. ඒ පිළිබඳව අපි සියලුම දේශපාලන පක්ෂවලට දැන්වූවා. ඒ දේශපාලන පක්ෂවල නායකත්වය අද වෙනතුරු අපිට සෑහීමකට පත්විය හැකි ආකාරයෙන් මෙම විමර්ශන සිදුකරනවා කියලා අපිට කියන්න බැහැ. අපි රජයෙන් ඉල්ලා සිටිනවා, මේ විමර්ශන උඩින්පල්ලෙන් කරලා කිහිප දෙනෙකුව උසාවියට ගෙනල්ලා මේ කාරණාව ඉවරයි කියලා ඒක කාපට්එක යට දාන්න කටයුතු කරන්න එපා. නඩු 20ක් 30ක් දාලා ජනතාව සතුටු කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හෝ ඒ ආයතන හිතනවා නම් ඒක තමන්වම රවට්ටා ගැනීමක් පමණයි. අපි මේ අරගලය මෙතනින් නිමා කරන්නේ නැහැ. මේ පසුපස විශාල කුමන්ත්‍රණයක් තියෙනවා. ඒක හොයාගන්න එක අපේ අයිතියක්”
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට