කොරෝනා අසාදනය වී මියයන පුද්ගලයන්ගේ මළසිරුරු භූමදානය සඳහා අවකාශ සලසන බව පවසමින් පසුගිය 25 වනදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරන ලද ගැසට් නිවේදනය මේ වන තෙක්ම පුස්සක් වී තිබෙනවා.
ඊට හේතු වී තිබෙන්නේ අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීමට අදාළ මාර්ගෝපදේශ හෝ මළසිරුරු භුමදානයට අදාළ ස්ථාන කිසිවක් මේ දක්වා හඳුනාගෙන නොතිබීමයි.
මේ හේතුවෙන් එම ගැසට් නිවේදනය ක්‍රියාවට නැංවීමට මෙතෙක් හැකියාව ලැබී නැහැ.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් රජයට එල්ල වූ පීඩනය හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය තකහනියේ නිකුත් කර ඇත්තේ වහා ක්‍රියාත්මක කිරීමේ අරමුණින් නොවන බවයි මේ වන විට පැහැදිලි වන්නේ.
එල්ල වූ පීඩනය යටපත් කරමින් දේශපාලකයන්ගේ ගැලවීම වෙනුවෙන් නිකුත් කරන ලද අදාළ ගැසට්ටුවෙන් අමාරුවේ වැටී ඇත්තේ තමන් බව රජයේ ඉහල පෙලේ සෞඛ්‍ය බලධාරියෙකු අප සමග පැවසුවා.
ඔහු සඳහන් කළේ අදාළ මාර්ගෝපදේශ හෝ මළසිරුරු භූමදානය සඳහා ස්ථානවත් හදුනා නොගෙන වගකීමෙන් කර ඇරීමට දේශපාලකයන් කටයුතු කර ඇත්තේ තමන් ඇතුළු බලධාරීන් රැසක් බිල්ලට දෙමින් බවයි.
මේ අතර කොවිඩ් මළ සිරුරු භූමදානය පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් මූලික කෙටුම්පත සකස් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කරනවා.
භූමදානය සඳහා වන මාර්ගෝපදේශ පිළිබඳ සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුව අද රැස්වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ අදහස් දැක්වු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ, ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,
“විද්වත්කමිටුවේ සාමාජිකයෝ දෙදෙනෙක් හා මම එකතුවෙලා ඒ කෙටුම්පත සකස් කළා. භූමදානය කරන විදිය ගැන. භූමදානය කරන ස්ථාන අපට සොයාගන්න වෙනවා. ඒක හොයාගෙන පස්සේ කොවිඩ් මර්දන බළකායට ඉදිරිපත් කරලා ඒ අයගේ අනුමැතිය අරන් තමයි මේක අපිට චක්‍රලේඛයක් ලෙස එළිදක්වන්න පුළුවන් වෙන්නේ. දැන් අපි කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ මෘතදේහ ආදාහනය කරනවා. කැමති නැති කෙනෙක් ඉන්නවා නම් අපිට ක්‍රමවේදය එළිදක්වනකල් කූල් රූම් එකක තියන්න වෙනවා. භූමදානය කරන ස්ථාන ටික සොයාගැනීමට දින කිහිපයක් ගතවෙයි“ යනුවෙන් සඳහන් කළා.
අපට වාර්තා වන අන්දමට මෙම කටයුතු අවසන් වීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට