කොළඹ වරායේ නැගෙනහිර ජැටිය (ECT) සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් දේශීය මූලාශ්‍ර හරහා සම්පාදනය කර ගැනීමට වරාය අධිකාරියට හැකි බවත්, එසේ නැතහොත් කොටස් වෙළෙඳපොළ හරහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගැනීමට කටයුතු කළ හැකි බවත් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා උපායමාර්ගිකව වැදගත්කමකින් යුතු ව්‍යාපෘතිය සඳහා ආයෝජනයට දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ට සම්බන්ධ විය හැකි බවද පෙන්වා දුන්නා.
“වරාය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් තමන්ගේම අරමුදල් මෙන්ම ශ්‍රී ලංකා දේශීය මූලාශ්‍රවලින් ලබාගත් අරමුදල් ද උපයෝගී කර ගනිමින් නැගෙනහිර ජැටිය (ECT) සංවර්ධනය කිරීමට කටයුතු කරනවා. සැලකිය යුතු විදේශ ණය ලබා නොගැනීමට ශ්‍රී ලංකා රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා එයින් විනිමය අනුපාතයට බලපෑමක් වෙන නිසා. ඔබ දන්නා පරිදි ශ්‍රී ලංකාව මේ වන විට විශාල විදේශ ණය බරක් දරමින් සිටිනවා. ශ්‍රී ලංකා රජය විසින් විශාල විදේශ ණය සඳහා නොයෑමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති අතර ඒ නිසා ඔබ පෙන්වා දුන් පරිදි කිසිදු විදෙස් ණය ලබා දීමක් සම්බන්ධයෙන් මේ වෙන කොට සැලකිල්ලක් දක්වන්නේ නැහැ. කෙසේ වෙතත් නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා දේශීය ණය ලබා ගැනීමට වරාය අධිකාරියට කළ හැකියි.
කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර ඇති පරිදි එක් බැංකුවකට මේ ආකාරයේ ණයක් ලබා දිය නොහැකි නම්, ඇත්ත වශයෙන්ම විස්තීර්ණ ණය (syndicate loans) සඳහා යා හැකියි. ඒවා කලින් කරලා තියෙනවා. මීට පෙර අපේ දේශීය බැංකුව විසින් මේවා කළමනාකරණය කරලා තිබෙනවා. ණය ගැනීමට ප්‍රභවයක් නොමැති නම්, ඇත්ත වශයෙන්ම ඔවුන්ට කොටස් වෙළඳපොළට පැමිණිය හැකියි. අපි විසින්ම නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව අතර විශාල උනන්දුවක් අපි දැක්කා.
විස්තීර්ණ ණය සඳහා වැඩි වශයෙන් දේශීය බැංකු සමඟ මුදල් යෙදවීමට අපට නොහැකි නම්, වරාය අධිකාරියට කොටස් වෙළඳපොළට පැමිණිය හැකියි. දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයින්ට මෙම උපායමාර්ගිකව වැදගත් ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස ආරාධනා කළ හැකියි.“ යනුවෙන්ද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට