Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙවෙනි මාත්‍රා හිඟයක් රජය බරපතළ අවුලක – එන්නත් වල සංකූලතා පරික්ෂාවට ක්‍රමවේදයක් නෑ

කොවිෂීල්ඩ් එන්නත හේතුවෙන් ඇතිවන අතුරු ආබාධ පිළිබඳව ලොව පුරා තීන්දු  ගනිමින් සිටියදී, එක් මාත්‍රාවක් පමණක් අයාලේ විද, සෞඛ්‍ය අමාත්‍යංශය මේ වනවිට දෙවන මාත්‍රාව සොයාගත නොහැකිව බරපතල අර්බුදයකට මුහුණ පා සිටින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසනවා.

ලබාදී ඇති එන්නතෙහි සංකූලතා පිළිබඳව සොයාබැලීමට හෝ  ඒ සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් හඳුනා ගැනීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු වැඩපිළිවෙලක් නැතැයි පවසන රවී කුමුදේශ් මහතා, ශ්‍රී ලංකාව තුළ ද රුධිර කැටි ගැසීම පිළිබදව සැක සහිත මරණ සිදුවී ඇති නමුත්, ඒවා එන්නත හේතුවෙන් සිදු වූයේද යන්න හෝ එසේ නොවන්නේ ද යන්න පිළිබඳව නිවැරදිව තහවුරු කර ගැනීමට නොහැකි බවද ඔහු පවසනවා.

පසු එන්නත් කරණය පිළිබඳව කිසිදු පර්යේෂණයක් හෝ අවම තරමින් ජාතික මට්ටමේ සායනික තොරතුරු පිළිබඳව විමසිලිමත් වන කමිටුවක් පවා මෙතෙක් පත් කර නැති බවයි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ.

”එන්නත්වේදය පිළිබඳව විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයන් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ නැහැ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ එන්නත් වේදී තනතුරට ක්ෂුද්‍රජීවී වේදියෙකු පත්කර එන්නත් වේදය පිළිබඳ අඳුරේ අතපත ගෑම වෙනුවට විශේෂඥ හැකියාව ඇති වෘත්තිකයකු සෞඛ්‍ය අමාත්‍යාංශයට පිටතින් හෝ විදේශයකින් හෝ බඳවා ගනිමින්, එන්නත්කරණයේ පසු තත්ත්වයන් පිළිබඳව ජාතික මට්ටමේ පර්යේෂණ වහා ඇරඹිය යුතුයි. එන්නත මත පමණක් පදනම් නොවෙමින්, කොවිඩ් පාලනය සිදු කල රටවල් ගණනාවක්, කෝවිඩ් පාලනයේ ඉදිරි රටවල් බවට පත්ව ඇති මොහොතක, “පරීක්ෂණ කිරිම – වෙන් කිරීම” යන ක්‍රමවේදය යටතේ කොවිඩ් මර්දන ක්‍රියාවලිය සිදුකළ හැකිව තිබියදී, එය නොසලකා හැරීම, අමාත්‍යාංශයේ වැරදි තීරණයක්. ” බවද  වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

About The Author