Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දෙවියෙක් වූ රියදුරා

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගමන් ගත් මගියකු හදිසියේ රෝගී වීම නිසාවෙන් කොස්ගම සාලාව රෝහල වෙත එම රෝගීයා ගෙනැවිත් භාර දීමට එම ලංගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර මහත්වරු අද දහවල් කටයුතු කළහ.

බස් රථයෙහි රියදුරු ලෙස කටයුතු කළ යටියන්තොට වයි. ජී. එල්. එස්. කුමාර මහතා සහ කොන්දොස්තර ලෙස කටයුතු කල රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සිසිර කුමාර යන දෙදෙනා විසින් රෝගී වූ මගියා මෙලෙස සාලාව රෝහලට භාර දීමට කටයුතු කර ඇත.

සිද්ධිය පිළිබදව අදහස් දැක් වූ අදාල බස් රථයෙහි කොන්දොස්තර ලෙස කටයුතු කල සිසිර කුමාර මහතා මෙසේ කීය.

අපි කොළඹ ඉදල අවිස්සාවේල්ල යන්න ආවේ. බස් රථයේ ආසන ගාණටම වගේ මගීන් හිටියා. රණාල හරියෙදි එක් මගියෙක් අසනීප තත්වයක් පෙන්නුම් කලා. ඇග වෙව්ලලා හුගක් අසනීප තත්වයක් තමයි දැක්කෙ. පස්සේ මමයි රියදුරු මහතායි කතාවෙලා ලගම තිබුණ සාලාව රෝහලට බස් එක අරං ගියා. ගිහින් රෝගී තත්වයෙන් හිටපු මගියාව බාර දීලා අනෙත් මගීන්වත් රැගෙන ගමානාන්තයට ආවා. බස් එකේ හිටපු මගීන් කවුරුත් ඒකට උදව් කළා. කිසි කෙනෙක් දොස් කිව්වේ නැහැ.

About The Author