දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක්ව ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (12) දහවල් කාලයේ ගල්කිස්ස පොලිස් වසමේ දුම්රිය නිවාස, රත්මලාන ලිපිනයේ පිහිටි නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී තුවාල ලැබු පුද්ගලයෙක් කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වු බවට ගල්කිස්ස පොලීසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 41ක් වූ බියගහ, මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු තාවකාලිකව දුම්රිය නිවාසවල පදිංචිව සිට ඇත. පොලීසිය සඳහන් කළේ, පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් දුම්රිය දෙපාර්තමේන්තු සේවකයාට පිහියෙන් ඇන ඇති බවය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට