දුම්රිය පිලීපැනීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මහව සිට මොරටුව බලා ධාවනය වූ දුම්රිය කොල්ලුපිටිය ප්‍රදේශයේදී පීලි පැනීමට ලක්වී ඇති බවය.
අද (27) උදෑසන 8ට පමණ සිදුවූ මෙම පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවන සිදුවන්නේ එක් මාර්ගයක පමණක් බව වාර්තා වෙයි.
පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයට ද හානි සිදුවී ඇති අතර දුම්රිය පිලීගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට