Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 37කට තවදුරටත් රතු නිවේදන!

පැවැති අධික වර්ෂාපතනයෙන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ස්ථාන 494ක් මේ වනවිට පරීක්ෂාවට ලක්කර අවසන් බව එම සංවිධානය පවසයි.

තවත් ස්ථාන 2198ක් පරීක්ෂාවට ලක්කරන ලෙස ජනතාව ඉල්ලීම් කර ඇති බවද එම සංවිධානය පැවසීය.

මේ අතර අධික වැසි තත්ත්වය පහව ගියද දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 37කට තවදුරටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

පැවැති වර්ෂාපතනයත් සමග පස අධික ලෙස ජලයෙන් සන්තෘප්තවීමත් මේ වනවිට ඊසානදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් හේතුවෙන් මෙලෙස නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

ඊයේ (10) උදෑසනද මීගහකිවුල ප්‍රදේශයේ නායයෑමක් සිදුවී තිබූ අතර නායයෑමේ ලක්ෂණ හඳුනා ගැනීමෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් රැසක් අදාළ ප්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගත් බවත් එම සංවිධානය පැවසීය.

මේ වනවිට ආරක්ෂිත ස්ථානවල රැඳීසිටින ජනතාව තවදුරටත් එම ස්ථානවලම රැඳීසිටීම වඩාත් උචිත බව පැවසෙයි.

ඊට හේතුවී ඇත්තේ එළැඹෙන 19 වනදා දක්වා වර්ෂාපතනයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කිරීමය.

මේ අතර අදියර 2 යටතේ දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 34කට අවධානයෙන් සිටින ලෙස දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

තවද දිස්ත්‍රික්ක 3ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17කට ද අදියර 1ක යටතේ නායයෑම් නිවේදන නිකුත් කර ඇත.

About The Author