දැනට පවතින වසංගත තත්වය පිළිබඳ අවදානය යොමු කරමින් දිවයින පුරා පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීම සඳහා පියවර ගනු ඇති බවට තොරතුරු අප වෙත වාර්තා වනවා.
පසුගිය සඳුදා (25) සිට දිවයිනේ සියලු පාසල් සිකුරාදා (30) දක්වා වසා දැමීමට පියවර ගත් අතර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවූ අධ්‍යාපන අමාත්‍ය ජි.එල් පීරිස් මහතා සඳහන් කළේ එළඹෙන ඉරිදා දිනයේ නැවත පාසල් ආරම්භ කරන දිනය පිළිබඳ දැනුම් දෙන බවයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශ අභ්‍යන්තර තොරතුරු වලට අනුව පවතින තත්වය මත කිසිදු පාසලක් එළඹෙන සදුදා හෝ එම සතිය තුළ විවෘත නොකිරීමට නිර්දේශ වී තිබෙනවා.
කෙසේ වෙතත් රජය මේ සම්බන්ධයෙන් මේ වන තෙක් නිල වශයෙන් ප්‍රකාශයක් සිදු කර නොමැති අතර හෙට දිනයේ හෝ අනිද්දා දිනයේ ඒ සම්බන්ධ තීරණය ජනතාවට දැනුම් දෙනු ඇති.


අත නොහැර කියවන තැන
මෙන්න සහන…
මහින්දානන්ද සහ නලින්ගේ අභියාචනා කැඳවීමට දිනයක්
තවත් අලි අනතුරක්