ඇමති බැසිල්ගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය තීරණය කරයි
අගෝස්තු 30 වැනි දා දක්වා රට වසා දමා ඇති කාලසීමාවේදී ආදායම අහිමි වූ පවුල් සඳහා රුපියල් 2000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවනවා.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලබන සදුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වන්නැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් දැනටමත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේනවා.
මීට පෙර රට වසා දැමූ කාලයේදී මසක කාලයකට රුපියල් 5000ක දීමනාවක් රජය විසින් ලබා දුන් අතර මෙවර දින 10ක කාලය සඳහා රුපියල් 2000 ක දීමනාවක් ලබා දීමටයි සැලසුම් කර ඇත්තේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට