පසුගිය දින කිහිපය මුළුල්ලේම ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින් වෙඩිතැබීම්, පහරදීම්, කපා කොටා බරපතල තුවාල සිදුකිරීම් , මරාදැමීම් ඇතුළු සිදුවීම් රැසක් වාර්තා වුණා.
රට තුළ බරපතළ වසංගතයක් පවතින තත්ත්වයක දී සංචරණය සීමාවන්ද පනවා ඇති මොහොතක, මෙවැනි සිදුවීම් ඇතිවීම බරපතළ ඛේදවාචකයක්.
මෙහි ආසන්නතම සිදුවීම ඊයේ රාත්‍රියේ වාර්තාවූයේ කතරගම ප්‍රදේශයෙන්.
කතරගම පූජා භූමිය පෙනෙන නොපෙනෙන මානයේ දී මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.
අදාල වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 52 හැවිරිදි පුද්ගලයෙකු දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළා..
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා සොයා කතරගම පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය මෙහෙයමුක් අරඹා ඇති අතර සැකකරු සිද්ධියෙන් පසු යාල කැලය දෙසට පළා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.
සිද්ධියට හේතුව පුද්ගලික අමනාපයක් බවටයි සැක මතුව තිබෙන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට