විසිවන සංශෝධනයේ තිබූ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ ගැටළුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් වහන්සේට දොස් පැවරූ බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරති.
ඔවුන් කල්පනා කරන්නේ ඔවුන්ගේ මට්ටමෙන් මිස රටේ මට්ටමින් නොවන බවද පවසන උන්වහන්සේ ද්විත්ව පුරවැසිකම තබාගෙන මෙරට ඇමතිකම් අගමැතිකම් හෝ ජනාධිපතිකම් දරන්නේ මන්දැයි විමසති.
ද්විත්ව පුරවැසිභාවය සහිතව එම තනතුරු දැරීමෙන් ප්‍රයෝජනයක් වන්නේ රටට නොව අදාළ පුද්ගලයාට බවත් කිසියම් ප්‍රශ්නයක් වූ පසු වූ වහාම සිය රටට යා හැකි බවත් උන්වහන්සේ කියා සිටිති.
එබැවින් ද්විත්ව පුරවැසිකම සහිතව රටේ පාලන තන්ත්රයට සම්බන්ධ වීම බරපතළ වරදක් බවයි උන්වහන්සේ පවසන්නේ.
සිය විහාරස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහිමියෝ මෙම අදහස් පල කරන ලදී.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට