Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දළදා වහන්සේ භාර නිලමේතුමත් කාලි පස්සේ යනවා : ඔක්කොම වැරදිලා : මිහින්තලේ හිමියන් සැර කතාවක් දෙසා වදාරයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මාස හයක් ඇතුළත මහ මැතිවරණයකට නොගියහොත් නැවත ගොඩනැගෙන අරගලය නැවැත්විය නොහැකි වන බව මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් පවසයි.

අනුරාධපුරයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද එම විහාරයට ගිය අවස්ථාවේ උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

අනුරාධපුර පූජා නගරයට පැමිණ ආගමික වතාවත්වල නිරත වු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද ඓතිහාසික මිහින්තලා පුදබිමට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය.

එහිදී අනුශාසනා කළ මිහින්තලා රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි

“ඔබතුමාලා ඔක්කොටම අත ඉස්සුවා අත්සන් කෙරුවා, දැන් පක්ෂ ප්‍රතිසංවිධානයක් කරනවා මේ වෙලාවේ. මේ වෙලාවේ පක්ෂ නෙමේ ප්‍රතිසංවිධානය කරන්න ඕනේ අපේ අගමැතිතුමා. රටේ ජනතාවගේ සුබසිද්ධියයි කරන්න ඕන. තාත්තලා,පුතාලා ,හිටපු නායක නායිකාවොන්ගේ දරුවෝ තමයි දැන් රට භාර ගන්න ජනාධිපතිකම ඊට පස්සේ ගන්න ලැහැස්ති කරලා තියෙන්නේ. ඉතින් එහෙම ගන්න පුළුවන් ද, දෙනවද අපි එහෙම. ජනාධිපතිතුමා කිව්වානේ ක්‍රිකට් ටීම් එක හොඳයි කියලා. ක්‍රිකට් ටීම් එක හොඳ වුනේ ඒ කට්ටිය එකතුවෙලා බැටින්, ෆීල්ඩින් කරානේ හොඳට. සමගිය බලය වේ. පාර්ලිමේන්තුවේ 225ට මේ කපේට එක්සත් වෙන්න බෑ.

මේ පූජා නගරය ගත්තොත් එහෙම හැමතැනම පතෝල මැහි වගේ. මේක සුවඳ හමන නගරයක් වෙන්න එපැයි. පාරවල්ටිකවත් හැදිලා නෑ නේ හරියට. මෙතුමාලා එහෙමත් ගොඩාක් කල් ඉන්නවා හරියට වැඩක් කරලා නෑ. ෂෙහාන් සේමසිංහ පරපුරක් තියෙනවා නේ. සීයා ,තාත්තා ඔයා, හොයලා බලලා වැඩ කරලා නෑ.

ඉතින් මේ අපේ දෙවැනි බුදුහාමුදුරුවෝ නේ ම්හිඳු හාමුදුරුවෝ. මේ දහම සංස්කෘතිය ඇතිකරලා මිත්‍යාව නැතිකරපු. මිත්‍යාවත් එක්ක අපි කාලයක් ගියානේ. කාලි මෑණිවරු භද්‍ර කාලි, සොහොන් කාලි, මහා කාලි, ඔය ඔක්කොමත් එක්ක ගියානේ, බැරිවුණා නේ මේක රැකගන්න, යන්න එපා ඔය දේවාල පස්සේ,

එකක් වැරදුනු තැනක් තමයි ගෝඨාභය මහත්තයාට රුවන්වැලි සෑයේ දිවුරුම් දුන්නා, මුළු විශ්වයම වන්දනා කරන්න එන තැනක් නේ. චූඩා මාණික්‍යය තිබ්බේ නෑ එතන, අනිත් එක මම දන්නේ නෑ ඒක රැවටීමක් නේ, හෘද සාක්ෂියට එකඟව වුණාද කියලා මම දන්නේ නෑ, එතන ඒකක් කළා, අගමැතිතුමා දිවුරුම් දුන්නා කැලණියේ. බුදුහාමුදුරුවොත් වැඩපු තැන් නේ මේ ඔක්කොම. ඊටපස්සේ මාලිගාවට ගිහිල්ල දිවුරුම් දෙනවා.

පාර්ලිමේන්තුවට ගිහිල්ලා මිනිස්සු විතරක් නෙවෙයි සත්තුත් රවට්ට්ටලා. ගව ඝාතනය තහනම් කියලා හිටපු අගමැතිතුමා දානවා කැබිනට් පේපර් එකක්. මතු බුදුවෙන්න කියලා දැම්මා ෆේස්බුක් එකේ. දවස් දෙක තුනකට පස්සේ තව මස් කඩයක් විවෘත කළා. බැරි දේවල් කියන්න හොඳ නෑ.

ඔය මහින්ද මහත්තයා 2015 ගියා නම් අද පිළිරුවක් තියලා වඳිනවා, නමුත් ඒ දේ නැතිකරගත්තානේ ඊයේ පෙරේදා. රජකම් කරත් කළකම් පලදෙනවා. ඒ තැනට ගෙනාවා නේ. දැන් බනින බැනිලි.

ගෝඨාභය කොහේදෝ ඉඳලා කුණකට කරගහලා හිටපු කට්ටිය කරපු වැඩ හින්දානේ රටෙන් තොරොංචිවෙලා යන්න සිද්දවුණේ. නිලමේතුමා ඔය මාලිගාවේ උතුම් දළඳා හාමුදුරුවෝ හැබැයි භාරව ඉන්නේ ඒ මනුස්සයාත් අර කාලි පස්සේ යනවා. ඊළඟට නම් අපි ඡන්දේ දෙන්නේ නෑ එයාට, එම සමස්ථ රට ලෝකෙම ගෞරව කරන තැන. ඔයිටත් වඩා අපිට වස්තුවක් තියෙනවා ද. ඒවා ගැලපෙන්නේ නෑ අපිට, කවුරු කරත් අපි විරුද්ධයි ඕවට,

මේ ඔක්කොම හිටපු නායකයෝ, ඉන්න නායක නායිකාවෝ එක්කාසු වෙමු. රටට ආදරේ නම් මාස 06ක් ඇතුළත මහ මැතිවරණයකට යන්න, ඔබතුමාලා පොරොන්දු වෙන්න. මහ නායක හාමුදුරුවෝ කිව්වා, එහෙම නොවුණොත් මහා බැංකු අධිපතිතුමාත් කිව්වානේ අරගලයක් එයි කියලා, ඒ ආර්ථික දැනුමත් එක්ක නේ එතුමා කියන්නේ. එහෙම වුනොත් මේ එන අරගලය නවත්වන්න බැරිවෙයි,”

© Ada derana

About The Author