Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දළදා පෙරහරේත් කොරෝනා පොකුරක්

පොලිසියේ 75 කට නර්තන ශිල්පීන් 45 කට පොසිටිව්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහරට මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය 08 වෙනිදා කප් සිටුවීමෙන් අනතුරුව මෙවර පෙරහර මංගල්‍යය ආරම්භ වූ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නරඹන්නන් ගේ සහභාගීත්වයෙන් තොරව එය පැවැත්වීමට තීරණය කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ පෙරහර මංගල්ලයට සහභාගි වී සිටී නර්තන ශිල්පීන් හතළිස් පස් දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවයි.

මීට අමතරව පෙරහර රාජකාරි සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 65කට සහ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 10 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

බොහෝ විට මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.

මෙම ආසාදිත පිරිස හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉවත් කර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කර අද දිනයෙන් අවසන් රන්දෝලි පෙරහර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

About The Author