විගණන කොමිසම විස්සෙන් අහෝසි කළේ හොරකමට ඉඩ දෙන්නදැයි අසයි
19 වැනි සංශෝධනයෙන් ඇති කළ විගණන කොමිසම 20 වැනි සංශෝධනයෙන් අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදෙන්න දැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වේයන්ගොඩ නයිවල දී ප්‍රශ්න කර ඇති බව වාර්තාවනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළ බවයි පැවසෙන්නේ.
ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ කෙතරම් වැරදි වැඩ කළත් කිසිදු දේශපාලඥයකු මෙතෙක් හිරේ දමා නැති බවයි.
අන්තිමේ ඔවුන් නිදහස් වන බවද ඒ තත්ත්වය තුළ විගණන කොමිසම පැවැතිම ඉතා වැදගත් වන බව පැවසූ මෛත්‍රීපාල සිරිසේන මහතා වත්මන් රජය මෙම කොමිසම අහෝසි කර දැම්මේ දූෂණයට වංචාවට ඉඩදීමට බවට උගතුන්ට වියතුන්ට මෙන්ම ජනතාවට ප්‍රශ්නයක් වන බවද සඳහන් කළා.
19 වැනි සංශෝධනයෙන් ඇති කළ ස්වාධීන කොමිෂන් සභා ඉතා වැදගත් වූ කාර්යභාරයක් ඉටුකළ බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.
කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ සියලුම මන්ත්‍රීවරුන් යහපාලන ආණ්ඩුව පැවැති සමයේ දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අතර වත්මන් පාලන සමයේ යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු මන්ත්‍රී කණ්ඩායම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නා.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?