Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දවල් කෙල්ලෝ ගහයි : රෑ කොල්ලෝ ගහයි

ශ්‍රී ලංකාවේ නම නැවත ජයග්‍රහණ සමගින් ජාත්‍යන්තරයේ බැබලෙයි

දේශපාලන අර්බුද සහ ආර්ථික අර්බුද සමගින් ජාත්‍යන්තරයේ දැඩි අපකීර්තියට පත් වෙමින් ඇති ශ්‍රී ලංකාවේ කීර්ති නාමය යම් තාක් දුරකට හෝ ආරක්ෂා කරමින් සුවිශේෂ තරඟ ජයග්‍රහණ දෙකක් නැවත ශ්‍රී ලංකාවට අත පත් කර දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා දැල් පන්දු කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

ඊයේ දහවල් සත්කාරක සිංගප්පුරු කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගෝල 63ක් ලබාගත් අතර සිංගප්පූරුවට ලබා ගත හැකිවුයේ ගෝල 53ක් පමණයි.

ශ‍්‍රී ලංකා කාන්තා දැල් පන්දු කණ්ඩායම කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගී වූ සියළු තරග ජය ගැනීම විශේෂත්වයක්.

දහවල් ඔවුන් සමඟ එක්ව රටපුරා ජනතාව ජයපැන් බොන අතරවාරයේ රාත්‍රියේ තීරණාත්මක තවත් අවසන් මහා තරඟයක් පැවැත්වුණා.

ඒ ආසියානු කුසලාන ක්‍රිකට් අවසන් මහා තරඟයයි.

ආසියානු කුසලානය සඳහා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හිදී පැවති එම අවසන් මහා තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 23ක ජයග්‍රහණයක් හිමිවුණා.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පාකිස්තානය පන්දුවාර 20කදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 147ක් පමණයි.

තරඟාවලිය ආරම්භයේ පටන් ම ජාත්‍යන්තර විස්තර විචාරකයන් කියා සිටියේ ශ්‍රී ලංකාව මුල් වටයෙන්ම ඉවතට විසි වී යනු ඇති බවයි.

About The Author