වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් (පරිපාලන) චේතිය ගුණසේකර මහතාගේ අත්සනින් යුතුව ඉකුත් 31 වැනිදා නිකුත් කරන ලද චක්‍රලේඛයක් මගින්.
ඒ අනුව අදාළ තනතුර පිහිටවූ 2019 හි අංක 28 චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බවත්, නීතිපතිවරයාට සම්බන්ධීකරණ නිලධාරියෙක් නොමැති බවත් ආදළ චක්‍රලේඛයෙහි දක්වා තිබෙනවා.
හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නීතිපතිධූර කාලය තුළ ඔහුට පැවරී තිබෙන ව්‍යවස්ථාපිත බලය අනුව ඔහු විසින් සම්බධිකරණ නිලධාරි තනතුරක් ඇති කළ අතර එම ධූරයට රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පත් කරනු ලැබුවා.
ඒ අනුව ඇය වසර දෙකකට ආසන්න කාලයක් එම තනතුර්හි කටයුතු කර තිබෙනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට