පසුගිය දිනෙක තායිලන්තයේ සිට සිය රට බලා ගිය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු හට අසාධාරණ අන්දමින් හෝටලක් තුළ නිරෝධායනය වීමට සිදු වී තිබේ.
බ්ලැක්පූල් නගර වාසියෙකු වන සයිමන් කෙන්වේ නමැති මෙම සංචාරකයා එමිරේට්ස් ගුවන් සේවය භාවිත කරමින් එක්සත් රාජධානියේ හීතෲ ගුවන් තොටුපොළට ගොඩ බැස තිබෙන්නේ තායිලන්තයේ දී සති දෙකක නිරෝධායනයට ලක් වීමෙන් ද පසුව ය.
එක්සත් රාජධානි රජය විසින් කොවිඩ් 19 වසංගතයට දැඩි ව ගොදුරු වී ඇති රටවලින් පැමිණෙන මඟීන් හට සිය වියදමින සංචාරක හෝටලයක් තුළ නිරෝධායනය වීමට දැනුම් දී ඇති බව සැබෑවකි. එහෙත් ගැටලුව වී ඇත්තේ තායිලන්තය යනු එවැනි රටක් නොවීම ය.
මෙම අසාධාරණය හේතුවෙන් තමන්ට වැඩිපුර ස්ටර්ලිං පවුම් 4000ක මුදලක් (රුපියල් 1,094,175.00) ගෙවීමට සිදු ව ඇති හෙයින් ඊට එරෙහි ව නඩු මඟට බැසීමට තීරණය කර ඇති බව කෙන්වේ කියා සිටියි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර