Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඊයේ (05) සුළු වශයෙන් පහත වැටුණු බව වාර්තා වෙනවා.

ප්‍රධාන වශයෙන් ඉල්ලුම දුර්වල වීම සහ බොරතෙල් සැපයුම වැඩිවීම පිළිබඳ අවිනිශ්චිතතාව මෙම මිල පහත වැටීමට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් (WTI) බොරතෙල් මිල සියයට 0.71කින් පහත වැටී බැරලයක් ඩොලර් 60.13ක් ලෙසයි සටහන්ව ඇත්තේ.

එමෙන්ම බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල සියයට 0.62කින් පහත වැටී ඩොලර් 64.04ක් ලෙස සටහන්ව තිබෙනවා.

About The Author