පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 9 කින් පහළ දැමීමටත්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රීයේදී තීරණය කළේය.
එසේම ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දැමීමටද තීරණය කර ඇත.
මෙම මිල සංශෝධනය ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
මේ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 356 ක් දක්වා පහළ යනු ඇත.
මේ අතර පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 423 කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 5 කින් ඉහළ දැමීමෙන් එහි නව මිල සටහන් වන්නේ රුපියල් 356 ක් ලෙසය.
ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති හෙයින් එහි නව මිල රුපියල් 431 ක් බව සංස්ථාව පවසයි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 7 කින් ඉහළ දමා එහි ඇති හෙයින් එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 249 කි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට