ගෑස් අර්බුදය නැවතත් රටටම : කොළඹට පැය 14ක ජල කප්පාදුවක් : රටපුරා විදුලි කප්පාදුව පැය 16 ටත් වැඩියෙන් දිග්ගැස්සෙන ලකුණු
පාලකයන්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපයන් හමුවේ දිනෙන් දිනම අර්බුදයට යමින් පවතින රටේ ආර්ථිකය මේ වන විට තව දුරටත් ඉන්ධන සැපයීම බරපතල ගැටළුවක් වී තිබෙනවා.
මෙම අර්බුදයේ අනෙක් ආසන්තම සිදු වීම වන්නේ මේ වන විට නැවත වතාවක් වෙළද පොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වීමයි.
ගෑස් ගන්න ඩොලර් නෑ
ලිත්‍රො හා ලාෆ් ගෑස් සමාගම් පවසන්නේ ගෑස් මිලදී ගැනීමට ණයවර ලිපි සදහා ඩොලර් නිකුත් නොකරන නිසා ගෑස් සැපයීම කළ නොහැකි තත්වයට පත්ව ඇති බවයි.
දැනට ලිට්රෝ ගෑස් නිකුත් කරන්නේ කර්මාන්ත ශාලා සහ ආදාහනාගාර සඳහා පමණක් බවද බව එම සමාගම පවසනවා.
ලාෆ් සමාගම පවසන්නේ තමන් සතුව නිකුත් කිරීමට ගෑස් තොග නොමැති බවයි.
ජල සැපයුමත් නෑ
කොළඹ ප්‍රදේශ රැසකට මාර්තු 05 වැනි සෙනසුරාදා රාත්‍රි 8.00 සිට පසුදින පෙරවරු 10.00 දක්වා පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව එම කාල සීමාව තුල කොළඹ 07 , 08, 10 , 12 , 13 , 14 සහ 15 ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.
කොළඹ 02 , 03 සහ 11 ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් ජල සැපයුම අත්හිටුවීමට හේතුව බවයි පැවසෙන්නේ.
කෙසේවෙතත් පවතින විදුලි කප්පාදුව හේතුවෙන් ජලය පොම්පාගාර කටයුතුවලටද බාධා මතුව ඇති බවද වාර්තාවනවා.
රට පුරා පැය 16 ක විදුලි කප්පාදුවක් නුදුරේදීම
අපේ‍්‍රල් මාසයේදී අන්තර් මෝසම සකී‍්‍රය නොවුණහොත් දිනකට පැය 16 ක් පමණ විදුලිය කපා හැරීමට සිදුවන බව ලංවිම ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෝ අනතුරු අඟවමින් සිටින්නේ ඉන්ධන අර්බුදය හමුවේ පැය 12 ඉක්මවූ විදුලි කප්පාදුවක් සිදු කිරීමට වේය යන පුරෝකථනයද සිදු කර ඇති මොහොතකයි.
වත්මන් විදුලි අර්බුදයට දියහැකි එකම විසඳුම අනවශ්‍ය විදුලි පහන් නිවා දමා විදුලිය අරපරිස්සමින් භාවිත කිරීම පමණකැයි ද ඔවුන් පවසනවා.
තාප බලාගාර (ඉන්ධන) සඳහා අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීම බරපතළ ගැටලූවක්ව ඇති මොහොතේ අඛණ්ඩව විදුලි බලය ලබාදීමට කුමන කි‍්‍රයා මාර්ගයක් ගත්තද ඒ සඳහා අතිවිශාල වියදමක් දැරීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට