Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තෙල් නැවක් එන්න බෑ කියයි : වාහන වලට දෙන්න තෙල් නෑ : තෙල් ඇමති සීමා පනවන්නැයි රටට දැනුම් දෙයි

නව තොග ඇත්තේ සීමා සහිතවයි

ඇතිවී තිබෙන තත්වය මත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමේදී සීමා පැනවීමට සිදුවන බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

නව ඉන්ධන තොග වෙළෙඳ පොළට නිකුත් කිරීමට සිදු වන්නේ සීමිත ඉන්ධන තොගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙවන් අවස්ථාවක සැමදෙනාටම ඉන්ධන ලබාදිය යුතු නිසා ඉන්ධන සීමා කිරීමට සිදුවන බවද හෙතෙම පැවසීය.

පවතින විදේශ විනිමය අර්බුදය නිසා විදේශ විනිමය වැය කිරීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ප්‍රමුඛතාව ලබා දීමට ද ආණ්ඩුව තීරණය කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.

මේ අතර දැනටමත් රටපුරා ඉන්ධන පිරවුම්හල් ගණනාවකම අත්‍යවශ්‍ය සේවා සහ රජයේ වාහන සඳහා පමණක් ඉන්ධන ලබා දීමේ ක‍්‍රමයක් අනුගමනය කරනු ලබයි.

ඒ සඳහා වන දැන්වීම් ද ඉන්ධන පිරවුම්හල වල ප‍්‍රදර්ශණය කර ඇත.

මේ අතර දිවයින පුවත්පත තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටමින් සඳහන් කර ඇත්තේ ඊයේ දිනයේ මෙරටට ළඟා වීමට නියමිතව තිබූ ඩීසල් නෞකාව නොවැලැක්විය හැකි හේතුවක් මත අවලංගු කර ඇති බවයි.

ඒ අනුව ඉදිරි දින වල ඉන්ධන අර්බුදය තවත් දරුණු වනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

නැවතත් ඉන්ධන නෞකා මෙරටට පැමිණි පසු පැමිණ ඒවා බෙදා හරින තුරු ඩීසල් හිගය තවදුරටත් පවතිනු ඇතැයිද එකී නිලධාරියා සඳහන් කර ඇත.

About The Author