Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තෙත්බිම්‍

ස්වාභාවික සෞන්දර්යයේ චමත්කාරයත් අපුර්වත්වයත් කැටි කොට මුළු මහත් ලෝකයට ම සෙත සලසන්නා වු සොබාදහම් මාතාවගේ අපුර්වතම නිර්මාණයක් ලෙස තෙත්බිම් පරිසර පද්ධතිය හඳුන්වා දිය හැකි ය. මෙය විද්‍යාත්මක වශයෙන් නිර්වචනය කළහොත්

තෙත්බිම්ක් යනු, භෞතික පරිසර පද්ධතියේ අතරමැදි ආකාරයක් වන අතර එම පරිසර පද්ධති දෙකෙන් ම වෙනස් වූත් ලක්ෂණ සමාන වුවත් එම පද්ධති දෙක ම මත රඳාා පවතින්නා වූත් ප්‍රදේශයකි.

තෙත්බිම්‍ වර්ග

  1. ස්වභාවික තෙත්බිම්

  2. කෘතිම තෙත්බිම්

✰ ස්වභාවික තෙත්බිම් – ☟︎︎︎ මිරිදිය තෙත්බිම්

                                     𒊹︎︎︎අභ්‍යන්තර ජලාශ හා ගංඟා , ඇළ

                                          දොළ , ඔය

                                     𒊹︎︎︎ මිරිදිය වගුරුබිම්‍

                                     𒊹︎පිටාර තැනි හා විල්ලු

                  – ☟︎︎︎ කරදිය සහ කිවුල්දිය තෙත්බිම්‍

                                       𒊹︎︎︎ඩෙල්ටා හා ගංමෝය

                                       𒊹︎︎︎මුහුදු ආශ්‍රිත තෙත්බිම්

                                       𒊹︎︎︎ කිවුල්දිය ඇති වගුරුබිම්‍

✰ කෘතිම තෙත්බිම් – 𒊹︎︎︎ඉදිකරන ලද ජලාශ ,වැව්‍ , පොකුණු ,

                                     𒊹︎︎︎ ජලජ ජීවී පොකුණු

                                     𒊹︎︎︎ කෘෂිකාර්මික තෙත්බිම් ( කුඹුරු )

                                     𒊹︎︎︎ ලේවායන්

තෙත්බිම්වල ජෛව විවිධත්වය බහුල වන අතර ඒක දේශික ශාක හෝ සතුන් බහුල වේ‍. ස්ථාන ගණනාවක තෙත්බිම් සංරක්ෂණයට ඇමරිකා එක්සත් ජනපදය , එක්සත් රාජධානිය වැනි රටවල් උත්සාහ ගන්නා අතර ඒවායේ ජෛව විවිධත්වය සුරකින ආකාරයේ ක්‍රියාකාරී සැලැස්මවල් අන්තර්ගත වේ‍. ඇමරිකාවෙි එක්සත් ජනපද හමුුදා ඉංජිනේරු බලකාය හා ඇ.එ.ජ. පරිසර සංරක්ෂණ ආයතනය එක්ව තෙත්බිමකට ලබා දී ඇති නිර්වචනය වන්නේ

“තෙත් බිමක් යනු නිරන්තරයෙන් ජලයට යටවන හෝ සංතෘප්ත වන , ජලජ පසක රඳා පැවතිය හැකි ලෙස පටක පත්‍ර වෘක්ෂලතාදියෙන් සමන්විත ප්‍රදේශයකි.”යන්න යි.

තෙත්බිම්වල පසෙහි ස්වභාවය

තෙත්බිමක් විවිධ ජල විද්‍යාත්මක තත්ත්වයන් යටතේ පවතින අතර සමහර අවස්ථාවල දී , ජලයෙන් සංතෘප්ත වු පස් ද පවතී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔක්සිජන් අඩු හෝ රහිත ජලජ පසක් ඇති වේ‍. එම නිසා එය ඔක්සිහරිත පරිසරයක් ලෙස හැඳින්වේ.

තෙත්බිම්වලින් ඇති ප්‍රයෝජන

තෙත්බිම් කිසිදු ඵලක් නැති වගුරු බිමක් ලෙසට ඇතමුන් කල්පනා කළ ද ⁣ තෙත්බිම් යනු සේවාවන් රැසක් සලසන සම්‍පත් නිධානයකි. එය ජීවින් රැසකගේ වාස භුමිය වේ‍. ජීවින් රැසකගේ පැවැත්ම තිරකරන නිවහන් මෙන්ම , ශාක විශේෂ රැසකගේ ද වාස භුමි වේ‍. ක්ෂුද්‍ර ශාක ප්ලවාංගවල සිට අලි ඇතුන් දක්වා ඉතා පුළුල් වු පරාසයක විහිදී යන ජෛව විවිධත්වයකින්  යුක්ත වු පරිසර පද්ධතියකි, තෙත්බිම්.

              𒊹︎︎︎   කෘෂිකෘෂිකර්මාන්තයට මෙන්ම එදිනෙදා මානව අවශ්‍යතා වෙනුවෙන් ජලය සපයා ගැනිමේ‍දි ද තෙත්බිම් උපකාරී වේ‍.

              𒊹︎︎︎   ජලය ගබඩා කර තබා ගන්නා මෙවලමක් ලෙස ක්‍රියා කරන තෙත්බිම් ගංවතුර හා ජල ගැලීම්‍ පාලනයට උපකාරී වේ‍.

              𒊹︎︎︎ කාර්මික අපද්‍රව්‍ය වැනි හානිකර අපද්‍රව්‍ය යම්‍තාක් දුරකට අවශෝෂණය කර ගැනීම තෙත්බිම්වලින් ඉටුවන තවත් එක් සුවිශේෂී මෙහෙයකි.

              𒊹︎︎︎සම්‍ප්‍රදායික ධීවර යාත්‍රාවල රුවල් හා මාළු දැල් සායම්‍ කිරීම සඳහා තෙත්බිම් ආශ්‍රිත ශාක යුෂ භාවිතා කරයි.

          උදාා :- මහ කඩොල් ශාකයේ පොතුවලින් ලබාගන්නා යුෂ.

              𒊹︎︎︎  ආහාර සඳහා පලතුරු ,රසකාරක , ඖෂධ , ඉන්ධන ,ඉදිකිරීම් අමුද්‍රව්‍ය , වෙස්මුහුණු වැනි කලාත්මක නිෂ්පාදන මානව අවශ්‍යතා රැසක් සඳහා මෙම තෙත්බිම් දායක වේ‍.

               𒊹︎︎︎ පාරිසරික සංචාරක කර්මාන්තයේ දී මෙන්ම කුරුල්ලන් නිරීක්ෂණය , කිමිදුම් හා ජල  ක්‍රිඩා ආදිය විනෝද හා සංචාරක කර්මාන්ත සඳහා ද තෙත්බිම් දාායකත්වය සපයයි.

තෙත්බිම් දිනය

1971 දී, තෙත්බිම්වල අගය වටහාගත් ඉරානය තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සඳහා ලෝකයේ තවත් රටවල් 138ක් සමඟ එකතුව සම්‍මුතියක් ඇති කර ගන්නා ලදී. එය ඉරානයේ රැම්‍සාර් නගරයේ පැවැත් වු නිසා මෙම සම්‍මුතිය , “රැම්‍සාර් සම්‍මුතිය” ලෙස හඳුන්වනු ලැබේ‍. රැම්‍සාර් සම්සම්මුතියට අත්සන් තබන ලද පෙබරවාරි මස 02 වැනි දින ලෝක තෙත්බිම් දිනය ලෙස නම්‍ කර ඇත. මෙම සම්‍මුතිය මඟින් විවිධ රටවල තෙත්බිම් හඳුනාගෙන අන්තර් ජාතික වශයෙන් ආරක්ෂා කිරීම උදෙසා කටයුතු කිරීමට එකඟතාවයකට එළඹ ඇති අතර ශ්‍රි ලංකාව මෙම සම්‍මුතියට ඇතුළත් වුයේ 1987 වර්ෂයේ දී ය.

රැම්‍සාර් ⁣තෙත්බිම්‍ නිර්වචනයට අනුව තෙත්බිම් අර්ථකථනය කර ඇත්තේ මෙසේය.

“ස්වභාවික හෝ කෘතිම වුව ද, ස්ථිර හෝ තාවකාලික වුව ද, නිසල හෝ ගලා බසිනා ජලය ඇති , මිරිදිය ,කලපු හෝ ලවණ ජලය ඇති වගුරුබිම්‍ හෝ මුළුමනින්ම ජලයෙන් වැසුණු බිම් හා බාදිය අවස්ථාවන්හි දී මීටර් 6කට වැඩි නොවු සාගර බිම් , තෙත්බිම් ලෙස හඳුන්වනු ලැබේ‍. බොහෝ  තෙත්බිම් ,ස්වභාවිකව නිර්මාණය වී තිබුණ ද පසු කාලීනව මිනිසා විසින් නිර්මාණය කරන ලද තෙත්බිම් පරිසරය පද්ධතීන් දැක  ගත හැකිය.”

තෙත්බිම් කෙරෙහි ඇති අහිතකර බලපෑම්

දිනෙන් දින වැඩිවන ජනගහනයෙත්  සමඟ ඉතා පහසුවෙන් මිනිසාගේ ගොඳුරු බවට පත්වන්නේ තෙත්බිම් පරිසර පද්ධතීන් ය.මෙය අප රටට පමණක් නොව මුළු මහත් ලෝකයෙහිම  තෙත්බිම් කෙරෙහි බලපාන ප්‍රධානතම ගැටලුව යි. වැඩි වන ජනගහනයත් සමඟ පාසල්, නිවාස , රෝහල් , වැනි පොදු කටයුතු සඳහා ද කාර්මික හා සංවර්ධන කටයුතු සඳහා ගොඩනැගිලි  ඉදිකිරීම් ආදි කටයුතු සඳහා ද අවශ්‍ය වන ඉඩම් ලබාගැනීමට තෙත්බිම් ගොඩ කිරීම, මෙම තෙත්බිම්වල  අවාසනාවන්ත තත්ත්වයට ප්‍රධාන හේතුව වේ‍. මෙම ප්‍රධාන සාධකයට අමතරව තවත් සාධක කිහිපයක් තෙත්බිම් කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරයි. එනම් ,

                𒊹︎︎︎ අනවසර ඉදිකිරීම්

                𒊹︎︎︎අවිධිමත් වැලි ගොඩ දැමීම

                𒊹︎︎කැළිකසළ බැහැර කිරීම හා හුණුගල්  කැඩීම

                𒊹︎︎︎ කඩොලාන ශාක ඉන්ධන හා දැව සඳහා ඉවත් කිරීම

                𒊹︎︎︎  වනන්තර විනාශය

                𒊹︎︎︎අධික ලෙස කෘමිනාශක හා පළිබෝධ නාශක භාවිතය නිසා ඒවා ජල මාර්ගවලට එකතුවීමෙන් තෙත්බිම් පරිසර පද්ධතීන් දුෂණය වී විනාශවීමේ‍ තර්ජනයට මුහුණ පා ඇත.

                 𒊹︎︎︎තෙත්බිම්වල වෙසෙන විසිතුරු මසුන් අල්ලා අපනයනය කිරීම , අක්‍රමවත් ධීවර සම්‍පත් පරිභෝජනය , තෙත්බිම් ආශ්‍රිත ශාක විනාශ කිරීම වැනි සූරා කෑම්

තෙත්බිම් ආරක්ෂා කර ගැනීම සියලු ලෝ වැසියන් සතු පරම යුතුකමකි.

Writer by Ashmin

           ⁣

About The Author