තුර්කියේ සහන සේවා සඳහා ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් 300කගෙන් සමන්විත පිරිසක් පිටත්ව යාමට සූදානම් බව යුද හමුදාව පවසයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා මේ බව පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.
මෙම පිරිස යුද හමුදාවේ වෛද්‍ය නිලධාරීන් සහ ඉංජිනේරු බලකායේ නිලධාරීන්ගෙන් සමන්විතය.
මේජර් ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් දිවයිනෙන් පිටව යාමට නියමිත මෙම කණ්ඩායමට බ්‍රිගේඩියර්වරයෙකුද අනුයුක්ත බව යුද හමුදාව වැඩිදුරටත් පවසයි.
තුර්කි තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකරන ඕනෑම අවස්ථාවක දිවයිනෙන් පිටව යාමට එම කණ්ඩායම සූදානම් බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.


අත නොහැර කියවන තැන
බංග්ලාදේශයට ප්‍රබල භූ කම්පනයක්
කෝටි 400ක මත්ද්‍රව්‍ය තොගයට සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අල්ලයි
මුහුදෙන් ඇල්ලූ යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 376කට වැඩි ප්‍රමාණයක්