මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි යන අය රුපියල් පනස් දහසක මුදල් සහ රුපියල් මිලියන 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය .
මෙම නඩුවට අදාළව සැකකාරියගේ විදේශ ගමන් තහනම් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9 ත් 12ත් අතර කාලයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද කොන්දේසියක් නියම කළේය.
විදෙස් ගමන් තහනම ට අදාළ නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර් වරියට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළව අධිකරණය හමුවේ විභාග වූ තවත් වඩු හතක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලි යන අයට ඉකුත් අඟහරුවාදා අධිකරණයෙන් ඇප නියම කෙරිණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට