වැඩ බැරි ආණ්ඩුවෙන් සහ චෝදනාවලට පමණක් සීමා වූ විපක්ෂයෙන් වැඩක් නැහැ – ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් බිහි කිරීම වෙනුවෙන් කැපවන බවත් කියයි
පවතින තත්ත්වය අනුව කොරෝනා හේතුවෙන් රටට ජීවිත තිස් දහසක් පමණ අහිමි වනු ඇති බවට සෞඛ්‍ය අංශ විසින් පුරෝකතනය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ අතත්‍ය සන්නිවේදන (virtual) ක්රමෝපායන් යොදා ගනිමින් ආමන්ත්රණ කළ වික්‍රමසිංහ මහතා කොට ගොඩ නැගීමට හතර වරම් ආරක්ෂක වැඩපිළිවෙලක් ද යෝජනා කළා.
සෞඛ්‍ය ආරක්ෂාව, ආර්ථික ආරක්ෂාව, දැනුම ආරක්ෂාව සහ පරිසර ආරක්ෂාව ඔහු එලෙස යෝජනා කළ සතරවරම් ආරක්ෂක වැඩපිළිවෙළ ඇතුළත්.
මේ වන විට රට අගාධයකට ඇද වැටී ඇති බවත් මීට දශක කීපයකට පෙර ආසියාවේ ජපානය සමග කරට කර ශ්‍රී ලංකාව අද සිටින්නේ ඇෆ්ගනිස්තානයට ඉදිරියෙන් පමණක් බව සඳහන් කළා.
මෙම තත්වය වෙනස් කරමින් ශ්‍රී ලංකාව අනාගත ලෝකයට සුරක්ෂිතව ගෙනයාමේ කාර්යභාරය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කැපවන බව ද මහතා මෙහිදී අවධාරණය කළා.
එක්සත් ජාතික පක්ෂයේ හැත්තෑ පස්වන සංවත්සරයට දිවයින පුරා මෙන්ම ලොව පුරා එක්සත් ජාතික පාක්ෂිකයින් රැසක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එක්ව සිටිනු දක්නට ලැබුණා.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට