Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තියන ඒවා රෙපයාර් කරගෙන ගොඩදාන බව කියූ රේල්ලුව, ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160 ක් මිලදී අරන්

දැනට අබලන්ව ඇති දුම්රිය මැදිරි අලුත්වැඩියා කරමින් සේවයට එක් කිරීම වඩාත් වාසි දායක බව පවසා ඒ සඳහා රුපියල් කෝටි ගණනක් වෙන් කළ ආණ්ඩුව මේ වන විට ඉන්දියාවෙන් නව දුම්රිය මැදිරි 160 මිලට ගෙන ඇති බව වාර්තා වනවා.

මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ ගාල්කර ඇති එම්. 11 පන්තියේ දුම්රිය එන්ජින් කිහිපයක් ධාවනයට යෙදවීමට අවශ්‍ය බව පවසමින් මෙම ඉන්දියානු දුම්රිය මැදිරි මිලදී ගැනීම සිදුකර තිබෙනවා.

මෙහි පළමු අදියරේ මැදිරි දහයක් ඉදිරි සති කිහිපය ඇතුළත ගෙන ඒමට නියමිතව තිබෙනවා.

මීට අමතරව ඇමරිකානු සමාගමක් මගින් දුම්රිය එන්ජින් දොළහක් සහ බලවේග කට්ටල දෙකක් ද ගෙන ඒමට නියමිතව තිබෙනවා.

යහපාලනයටත් චෝදනාවක්..

2018 – 2019 කාලය තුළ රුපියල් කෝටි හත්සිය හැටක් වැයකරමින් ඉන්දියාවේ සිට මෙරටට ගෙන එන ලද ඉන්දියානු දුම්රිය එන්ජින් 10ක් අතරින් 08ක්ම ධාවනය කළ නොහැකිව මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ ගාල්කර ඇති බව ද වර්තාවනවා.

හිටපු අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරීවරයකු වන විශ්‍රාමික නිලධාරියකුගෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක නිර්දේශ මත වැරදි ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් පදනම් කරගනිමින් මේ එන්ජින් ගෙන්වා ඇති බවට චෝදනා එල්ල වනවා.

කෙසේ වෙතත් රජය පසුගිය වසරේ සඳහන් කළේ දුම්රිය මැදිරි ආනයනය කිරීමක් සිදු නොකිරීමට තීරණය කර ඇති බවයි.තිබෙන මැදිරි රැසක් අලුත්වැඩියා කිරීම ලබා දායක බවත් එහිදී සඳහන් වූ අතර ඒ සඳහා රුපියල් මිලියන ගණනක මුදල් ප්‍රතිපාදනද වෙන් කෙරුණා.

About The Author