Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තැම්පත්කර තිබු මහින්ද රාජපක්ෂගේ ජනපති වැටුප ගල් කරලා : වැටුප් වැය නොකොට ජීවත් වුණේ කොහොමද තවත් ප්‍රශ්නයක්

උදිත ලොකු බණ්ඩාරට එල්ල වූ හොරකම් චෝදනාවකින් තවත් කතාවක් එලියට : මනුෂගෙන් ප්‍රශ්නයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතාට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා.

ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවා.

උදිත් ලොකු බණ්ඩාර විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් පුද්ගලික බැංකු ගිණුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීමට අදාලව ඔහුට චෝදනා එල්ල වී ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි වාර්තා වන්නේ.

ATM කාඩ්පපතක් භාවිත කරමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට අයත් රාජ්‍ය බැංකුවක තිබූ ගිණුමකින් මෙලෙස මුදල් ලබාගෙන ඇති අතර අදාළ ගිණුමෙහි තිබූ මුදල් මහින්ද රාජපක්ෂ අග්‍ර්‍රාමාත්‍යවරයා ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ ඔහුට ලැබුණු වැටුප් මුදල් බවයි පැවසෙන්නේ.

ජනාධිපති රාජපක්ෂ සිය පවුල නඩත්තු කළේ කොහොමද ?

මෙම ගිණුමේ ඇති මුදල් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීමක දී එම ගිණුමෙන් පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩ ව මුදල් ලබාගෙන ඇති බව සොයාගෙන ඇති බවත් එම ගිණුමට අදාළ ව නිකුත් කර තිබූ ඒ.ටී.එම් කාඩ් පත තිබී ඇත්තේ, උදිත් ලොකුබණ්ඩාර සතු ව බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

මේ සමඟම ව්‍යපරිකයෙකුද නොවන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ජනාධිපති වැටුප ලබා නොගෙන එවකට පස් දෙනෙකුගෙන් යුතු පවුලක් නඩත්තු කළේ කෙලෙසද යන්න පිළිබදවද ප්‍රශ්නාර්ථයක් මතුවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා ප්‍රශ්න කරනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු පෙන්වා දෙන්නේ උදිත ලොකුබණ්ඩාර මහතා සම්බන්ධ බව පැවසෙන මූල්‍ය වංචාව සමග මෙම ගැටලුවද සමාජය හමුවේ නිරාවරණය වන බවයි.

About The Author