නීතිවිරෝධි ලෙස මෙරට රැදී සිටිමින් කොළඹ නගරයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතන 06ක සේවය කළ තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.
ඉන් 05 දෙනෙකු කොල්ලුපිටියේ සහ ගල්කිස්ස ප්‍රදේශවල පවත්වාගෙන ගිය සම්බාහන ආයතන 05ක සේවයේ නිරතව සිටිය දී ආගමන විගමන දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇති අතර ඔවුන්ගෙන් 04 දෙනෙකුගේ වලංගු වීසා කාලය අවසන්ව තිබී ඇති බව සඳහන්.
එමෙන්ම එක් කාන්තාවක් සංචාරක වීසා මත දිවයිනට පැමිණ තිබෙනවා.
අනෙක් තායිලන්ත ජාතික තරුණියන් 10 දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ, හැව්ලොක් පාරේ, තුන්මුල්ල මංසන්ධියේ දී පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයක සිටියදීයි. ඔවුන් සංචාරක වීසා මත පසුගිය වසරේ නොවැම්බර් මස දිවයිනට පැමිණ තිබෙනවා. අත්අඩංගුවට ගත් තායිලන්ත ජාතික තරුණියන් 15 දෙනා මෙරටින් පිටුවහල් කරන තෙක් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමටයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ.


අත නොහැර කියවන තැන
ත්‍රිකුණාමලය හා මඩකළපුව නැගෙනහිර මාර්ගයේ ගමනාගමනයටත් බාධා
දැදුරු ඔය ප්රචණ්ඩ වෙයි – ඉදිරි පැය කිහිපයේ දී අධි ගංවතුර තත්ත්වයක්
පක්ෂ නායකයින්ගේ හදිසි රැස්වීමක්