පොලිසිවල පැමිණිල්ලක් ලියා ගන්න කෙනෙක් නෑ : මේවා පුදුම විහිලු: සමගි ජන බලවේගයෙන් ඇමති සරත් වීරසේකරට අභියෝගයක්
කොරෝනා ආසාදනය වී මියගිය එලියන්ත වයිට් මහතාගේ දුව සහ පුතාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 21 ක් දෙනෙකු අනුයුක්ත කර ඇති බව අද වාර්තා වුණා.
සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරමින් මේ සම්බන්ධයෙන් කරුණු හෙළිකළ හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා මෙම කරුණු හෙළිකළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කාන්තා පොලිස් නිලධාරිනියන් 4 දෙනෙකු ඇතුළුව පොලිසියේ 21 දෙනෙකු මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයෙන් ඒ වෙනුවෙන් නිදහස් කර ඇති බව ද ඔහු මෙහිදී හෙළිකළා.
එසේ නිදහස් කර ඇති පොලිස් කණ්ඩායමේ නම් ලයිස්තුව තමන් සතුව ඇති බවත් පැවසූ හිටපු මන්ත්‍රීවරයා එම නිදහස් කිරීම සිදු කර ඇත්තේ කුමන පදනමකින් දැයි හෙළි කළ යුතු බවට අමත්‍ය සරත් වෙරසේකර මහතාට අභියෝගයක්ද සිදු කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි