BMICH පරිශ්‍රයේ පවත්වමින් තිබු ත්‍රිපිටකය සංරක්ෂණ පනත පිළිබඳ රැස්වීම නතර කර දැමීමට තීරණය කර තිබෙනවා.
මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සම්බන්ධයෙන් විරෝධයක්ද එල්ලවූයේ කොරෝනා නීති උල්ලංඝනය කරමින් එය පවත්වන බව ද පවසමින්.
එපමණක්ද නොව අදාල ත්‍රිපිටක සංරක්ෂණ පනත හකුලා ගැනීමට ද තීරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මල්වතු අස්ගිරි පාර්ශවය ප්‍රමුඛ මහා සංඝරත්නයේ විරෝධය ද එල්ල වුණා.
ඒ අනුව අදාල ත්‍රිපිටක සංරක්ෂණ පනත හරහා ගෙන ඒමට බලාපොරොත්තු වූ කරුණු බුද්ධ දර්ශනයේ සඳහන් ධර්ම විනය අනුව සිදුකිරීමට තීරණය වී ඇති අතර පනත් කෙටුම්පතෙහි වූ අධිකරණ කාරනා සියල්ල ඉන් ඉවත් කිරීමටද තීරණය කර තිබෙනවා.
ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා නව කමිටුවක් පත් කිරීමට ද පියවර ගෙන ඇති අතර එහි කැඳවුම්කරු ලෙස පත් කර ඇත්තේ බෞද්ධ කටයුතු කොමසාරිසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතායි.
මහාසංඝරත්නය නියෝජනය කරමින් විනයධර භික්ෂුන් වහන්සේ දොළොස්නමක සහ නීති විශාරධයන් හත් දෙනෙකු ද පත්කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට