දේශද්‍රෝහී කතා කියන්න එන්න එපා – ජාතික ජනබලවේගය ඇමති ගම්මන්පිලට ප්‍රතිචාර දක්වයි
ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සම්පූර්ණයෙන් ඉන්දියාවට ලබා දී තිබෙන බවට ඛණිජතෙල් අමාත්‍ය උදය ගම්මන්පිල සිදු කළ ප්‍රකාශය දේශද්‍රෝහී ප්‍රකාශයක් බවත් එම තෙල් ටැංකි ඉන්දියාවට ලබා දී නොමැති අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය නිවැරදි කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව පැවසූවේ අද (06) පාර්ලිමේන්තුවේදී පැවති ඛණිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත දෙවනවර කියැවීම පිළිබද විවාදයට එක්වෙමින්.
වත්මන් ආණ්ඩුව අදාළ තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්නේද නැද්ද යන්න පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහිදී අවධාරණය කළා.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්,
“මේ තෙල් කැනීම් පිළිබඳ ප්‍රශ්නයේදී අපිට ලැබිය යුතු පංගුව නිසි පරිදි ලැබෙනවා නම් කැනීම් කටයුතු කළාට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ තෙල් කැනීම වගේම අපේ තෙල් ටැංකි ටික ආරක්ෂා කර ගන්න ඕන. එදා බ්‍රිතාන්‍යන් සතුවුනු තෙල් ටැංකි ටික අපිට විශාල සම්පතක්. අවුරුදු 99 බදු යටතේ ඔවුන්ට දීලා තිබුනා. අපි ඒක 1963දී ගත්තා. ඒ සමගම තමයි 1961 අංක 28 දරණ ඛණිජ තෙල් සම්පත් පනත එන්නේ. ඒ පනත අනුව සම්පූර්ණයෙන්ම තෙල් ආනයනය, ගබඩා කිරීම, පිරිපහදුව, බෙදා හැරීම, අපනයනය තෙල් සංස්ථාව සතු වුනා.
ඒ වගේම 1987 ජූලි ඉන්දියාවේ රජිව් ගාන්දි සමග ගිවිසුම අතමන් කළා. ඒ ගිවිසුම අත්සන් කළ වෙලාවේ ත්‍රීකුණාමලය තෙල් ටැංකි ගැන සඳහන් වුනා. එහි 02 සහ 03 වගන්තිවල පැහැදිලිව තිබෙනවා ඉන්දියාව සහ ලංකාව ඒකාබද්දව සංවර්ධනය කර පවත්වාගෙන යන්න එකඟ වෙනවා කියලා. ඒත් ඒක ගිවිසුමක් වුනාට ඒක නීත්‍යානුකූල එකක් නෙවෙයි. ඒ නිසා රජිව් ගාන්දි ලිපියක් එවනවා මේ වගන්තිය සඳහන් කරලා ජේ.ආර්ට ඒකාබද්ධව සංවර්ධනය කරන්න ඕනි කියලා. ජේ.ආර් පිළිතුරු ලිපියක් යවනවා. ඒත් ඒ ලිපි නීත්‍යානුකූල වෙන්නේ නැහැ.
ගම්මන්පිල ඇමතිවරයා ඊයේ පෙරේදා ප්‍රකාශයක් කරලා තිබුණා 87 ඉන්දු ලංකා ගිවිසුමෙන් තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී අවසන් කියලා. පට්ටපල් බොරුවක්. ඒක එහෙම වෙලා නැහැ. ඒක දේශද්‍රෝහී ප්‍රකාශයක්. මේ තෙල් ටැංකි ඉන්දියාවට පවරා දී නැහැ. මේ පිළිබදව 2003දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විශේෂ විදිවිධාන පනතක් ගෙනල්ලා තාවකාලික කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ හිටියේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් චරිත රත්වත්තේ. ඒ කමිටුවේ නිර්දේශ මත ඇමතිවරයාට බලය පැවරුනා මේ තෙල් ටැංකි යම්කිසි ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ පවරා දෙන්න. ඒකේ පැහැදිලිව වගන්තියක් තිබෙනවා මාස 06ක් ඇතුලත බදු දීමේ ගිවිසුමකට අත්සන් කළ යුතුයි. එහෙම අත්සන් කළොත් තමයි IOC සමාගමට පැවරෙන්නේ කියලා. එහෙම බදු ගිවිදුමක් මෙතෙක් අත්සන් කරලා නැත. ඒ නිසා එහෙම පවරාදීමක් නැහැ. ඒක සම්පූර්ණ වැරදි ප්‍රකාශයක්. ඒ නිසා මම ඉල්ලා සිටිනවා කරුණාකරලා ඒ ප්‍රකාශය මේ පාර්ලිමේන්තුවේ නිවැරදි කරන්න. මේ රටේ ජනතාවට බොරු කියන්න හදන්න එපා. ඔබතුන්ලාගේ ආණ්ඩුව යටතේ මේක ඉන්දියාවට දෙනවාද නැද්ද කියලා කියන්න.” යැයි ද සඳහන් කළා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට