Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ – වරෙන්තු නොමැතිව පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් සහ සොයුරා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා සහ ඔහුගේ සොයුරු රියාජ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2019 වසරේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එම පාස්කු ප්‍රහාර මාලාවට සම්බන්ධ වූ මරාගෙන මැරුණ ඝාතකයන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරලා – අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නෑ

කෙසේ වෙතත් තමන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේදී සිය face book පිටුව හරහා සජීව වීඩියෝවක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරන්නේ කිසිදු වරෙන්තුවක් හෝ හේතුවක් සඳහන් නොකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන තමන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ කතානායකවරයා දැනුවත් කර නොමැති බවත් එය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් බවත් ඔහු පවසනවා.

About The Author