Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තහනම් මයි කිව්වට එහෙමමත් නෑලු – ජනපතිගේ නියෝගය පුස්සක් වෙයිද?

ජනාධිපතිවරයා විසින් කටුපොල් වගාව තහනම් කරමින් සහ පාම් තෙල් ආනයනය තහනම් කරමින් පසුගියදා ගැසට්ටුවක් නිකුත් කිරීමට උපදෙස් ලබා දුන්නා.

නමුත් එයට ව්‍යාපාරිකයන්ගෙන් සහ බේකරි නිෂ්පාදකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර විශේෂයෙන්ම පාම් තෙල් ආනයනය නතර කිරීම කළහොත් බේකරි නිෂ්පාදන විශාල වශයෙන් මිල ඉහල යාමකට ලක් විය හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

එයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ජනාධිපතිවරයා පාම් තෙල් ආනයනය තහනම් කරන ලෙස පැවසුවද අදාළ ගැසට්ටුවේ යම් යම් වෙනස් වීම් සිදුවිය හැකි බවයි.

එමෙන්ම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ බේකරි නිෂ්පාදකයන්ට අවශ්‍ය පාම් තෙල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව එම ගැසට්ටුව ද පුස්සක් වීමට නියමිතයි.

About The Author