කඳාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමේ සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ.
සැකකරු සපුගස්කන්ද ප්‍රදේශයේ කුලී නිවසක රැඳී සිටින බවට ලද තොරතුරක් මත කඳාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අදාළ ප්‍රදේශයට ගොස් ඇති බව සඳහන්ය.
ඒ අනුව නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේ දී සැකකරු විසින් නිවස තුළ සිට පොලීසියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබේ.
එහිදි පොලීසිය ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාරවලින් සැකකරු මියගොස් ඇති බව කඳාන පොලීසිය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකු බවද පොලීසිය සඳහන් කළේය.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට