Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තවත් රිවස් ප්‍රතිඵලයක් නිකුත් වෙයි – හැමදාම කළ දේ අදත් කරයි

සිමෙන්ති , ගෑස් , කිරිපිටි, තිරිඟු පිටි පාලන මිල අවලංගු කරයි

ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති සදහා ඇති පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තාවන්නේ..

කෙසේ වෙතත් පාලන මිල ඉවත් කළ පසු පාරිභෝගිකයන් පීඩාවට පත්වන ලෙස මිල වැඩි කලහොත් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

හැමවෙලාවෙම කළ දේ

පසුගිය කාලය මුළුල්ලේම සිදු වූයේ මෙයයි.

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළ නැංවීමට අවශ්‍ය වූ විට වෙළඳපොලේ එම භාණ්ඩ වල දැඩි හිඟයක් ඇති කිරීමට ව්‍යාපාරිකයන් පියවර ගත්තා.

වෙළඳපොල තුළ වැඩි භාණ්ඩ හිඟයක් නිර්මාණය වන විට ජනතාව කුමන හෝ මුදලක් ගෙවා එම භාණ්ඩ මිලදී ගන්නා අතරට පත් වන තත්ත්වයට ඇද වැටෙන විට රජය සිදුකළේ කළුකඩ මාෆියාවට ඉඩ ලබාදෙමින් අදාළ පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීමයි.

කිසිදු අවස්ථාවක රජය ප්‍රකාශයට පත්කළ පහළ මිල කිසිදු භාණ්ඩයක් සඳහා සහතික පවත්වාගෙන යාමට රජය අපොහොසත් වුණා.

සහල්, පොල්, සීනි, කිරිපිටි, සිමෙන්ති, ගෑස් ඇතුළු භාණ්ඩ ගණනාවක් මීට ඇතුළත්.

පසුගිය කාලය මුළුල්ලේම ආණ්ඩුවේ මෙම පාලන මිල ගැසට්ටු සහ මිල නියම කිරීම් සමාජය විහිළුවක් බවට පත්ව තිබෙනවා.

About The Author