Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තවත් චීන එන්නතක් ආණ්ඩුව බලෙන් ලබාගත් හැටි මෙන්න – ගණුදෙනුවේ විනිවිද බව ගැන ප්‍රශ්නාර්ථයක්?

ගනුදෙනුවෙන් රටට ඉහළ ආර්ථික වාසි හිමිවන බව රාජ්‍ය ඇමති චන්න කියයි

ශ්‍රී ලංකාවට විකිණීමට නියමිත සිනොවැක් එන්නතක මිල හෙළිදරව් කළ හොත් අදාළ ගිවිසුම අවලංගු කරන බව එන්නත නිපදවන චීනයේ Sinovac Life sciences Co. Ltd ආයතනය සිය ගිවිසුමේ කොන්දේසි වලට එක් කර ඇති බව Lanka truth වෙබ් අඩවිය වාර්තා කරනවා.

අදාළ ආයතනය සහ ශ්‍රී ලංකාවේ Kelun Life sciences Pvt Ltd අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත් කර ඇත්තේ එන්නතක මිල පිළිබඳව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රසිද්ධියේ කතා කිරීම ගිවිසුම අවසන් කිරීමට හේතුවනු ඇති බව දක්වමින්.

මීට පෙර සිනොෆාම් එන්නතක් ශ්‍රී ලංකාවට ඩොලර් 15ට ලබා දෙද්දී එම එන්නතම බංග්ලාදේශයට ඩොලර් 10ට ලබාදීම ගැන මාධ්‍ය වාර්තා කර තිබුණා.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනට ලිපියක් යොමුකරන Kelun ආයතනය දන්වා සිටින්නේ ශ්‍රී ලංකාව විසින් එන්නත් ලක්ෂ 130ක් මිලදී ගත යුතුය යන්න ගිවිසුමේ තවත් කොන්දේසියක් බවයි.

එහි පළමු එන්නත් ලක්ෂ 30 සඳහා කලින් මුදල් ගෙවිය යුතු බවත් ඉතිරි ලක්ෂ 100ට ණයවර ලිපි විවෘත කළ හැකි බවත් සඳහන් සඳහන් වනවා.

පසුගියදා ජනාධිපතිවරයා විසින් ජාතිය අමතමින් කියා සිටියේ සැප්තැම්බර් මාසය වනවිට එන්නත් ලක්ෂ 130ක් ලංකාවට ලැබෙන බවයි.

එම ප්‍රකාශ සිදු කර ඇත්තේ මෙම එන්න තොගය පිළිබඳව අපේක්ෂාවෙන් බවයි වාර්තා වන්නේ.

චීනයේ නිපදවන එන්නත මහනුවර පල්ලෙකැලේ පිහිටි Kelun Lifesciences කර්මාන්ත ශාලාවේ දී පිරවීම හා ඇසිරීම සිදුකෙරෙනවා.

කැබිනට් අනුමැතිය ලැබුණු හැටි

මේ සම්බන්ධයෙන් මුල් වරට කැබිනට් මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් වන්නේ පසුගිය මැයි මස 17 වෙනිදායි.

ලංකාව තුළම කොරෝනා මර්ධන එන්නත් නිෂ්පාදනය කරන බව පුළුල් ප්‍රචාරයක් මාධ්‍ය හරහා ලබා දෙන්නේ ද මේ අතරතුරයි.

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර එහි සඳහන්ව තිබුණේ දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් අදාල එන්නත් නිෂ්පාදනය කිරීම සිදුවන බවයි.

එමෙන්ම අදාල සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන එන්නත් දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා නැවත මිලදී ගැනීමේ ගිවිසුමක ස්වභාවයෙන් වන රජයේ මැදිහත්වීමේ අවශ්‍යතාවය ද එම කැබිනට් සංදේශයට අතුලත් කර තිබුණා.

එමෙන්ම වසර පහක් යනතුරු අදාල සමාගමෙන් එන්නත් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව අදාළ පුද්ගලික අංශයේ ආගමික සමග එකඟතාවයකට පැමිණිය යුතු බවද එම කැබිනට් සංදේශයෙහි දක්වා තිබෙනවා.

ලංකාවට ඉහල ආර්ථික වාසියක් හිමවන බව රාජ්‍ය ඇමති චන්න කියයි

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුළ අදාල එන්නත නිෂ්පාදනය කිරීම හරහා ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික වාසියක් ලැබෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ චීනයේ මව් සමාගම විසින් අදාළ නිෂ්පාදනය මෙරටට ගෙනවිත් යම් එක් කිරීමක් මෙරට තුලදී සිදුකොට එහි එළිදැක්වීමක් සිදුකරනු ඇති බවයි.

පසුගිය දිනක පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අසේල සම්පත් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ද එන්නත නිෂ්පාදනයේදී මෙරට තුළදී වෙනත් ද්‍රව්‍යයක් එක් කරන බවට සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහායි.

© මූලාශ්‍ර – Lanka Truth

About The Author