බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු මුදල් අමාත්‍ය ධුරය යටතට ගැසට් කර තිබූ ආයතන සහ අරමුදල් කිහිපයක් නැවත සංශෝධනය කොට විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ (08) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කොට ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවා.
එලෙස බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීමෙන් පසු ඔහු යටතේ ගැසට් අතර තිබූ මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ආයතන තුනක් නැවත වතාවක් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කර තිබෙනවා.



අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට