Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තරුණියකට අතවර කළ දොස්තරට වැඩ වරදී

කහතුඩුව, වෑතර දිසා රෝහල තුළදී 26 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමක් සම්බන්ධයෙන් 40 හැවිරිදි වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයෙක්.

පැමිණිලිකාර කාන්තාව ඇයට වැළඳී තිබූ රෝගයකට ඉකුත් 12 වෙනි දින කහතුඩුව වෑතර දිසාරෝහලෙන් ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර, එදින වෛද්‍යවරයෙකුගෙන් ලද උපදෙස් අනුව මුත්‍රා සාම්පලයක් පරික්ෂා කරගෙන යලි 19 වෙනි දින ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණ ඇතැයි පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී බාහිර රෝගි අංශයේ ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරියක් සිට ඇති අතර, පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකර දී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී පෙර උපදෙස් ලබා දී තිබූ සැකකාර වෛද්‍යවරයා අනෙකුත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම පසෙකලා පැමිණිලිකාරිය සන්තකයේ තිබූ වෛද්‍ය වාර්තා රැගෙන පරික්ෂා කර පැමිණිලිකාරිය පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා කාන්තා නිලධාරිනියක් නොමැති කාමරයක් තුළට රැගෙන ගොස් පරික්ෂා කළ බවත්, එහිදී ඔහු කරදර කළ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

පැමිණිලිකාර කාන්තාවට අධිකරණ වෛද්‍ය පෝරම ලබාදීමෙන් පසු ඊයේ (24) දෙපාර්ශයේ කැඳවා විමර්ශනය කළ බවද පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබූ බවත්, සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් කහතුඩුව පොලිසිය සඳහන් කළා.

About The Author