Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තමන්ට දේශපාලන අත්දැකීම් අඩු බව වසර දෙකකට පසු ජනපතිට සිහිවෙලා

මහින්ද අයියාගේ දේශපාලන අත්දැකීම් සහ මැදිහත් වීම අවශ්‍ය බව කියයි

තමන් දීර්ඝකාලීන දේශපාලන පවුලක සාමාජිකයෙක් වුවද තමන්ට පෞද්ගලිකව දේශපාලන අත්දැකීම් අඩු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇති බව ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්ව දෙවසරක් සපිරීමට ආසන්න මොහොතක මෙවැන්නක් ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

ඊයෙ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තමන්ට දේශපාලන අත්දැකීම් මද බැවින් වසර 60 ක දේශපාලන අත්දැකීම් ඇති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන මැදිහත්වීම වැඩි වශයෙන් තමන් බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ජනාධිපතිධුරයට පත් වූ පසු දේශපාලන අත්දැකීම් ලබා ගනිමින් සිටින බවයි.

ගම්මන්පිලගේ ප්‍රකාශය

2019 වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර එවකට ඒකාබද්ධ විපක්ෂය තමන් විසින් ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ විවිධ අදහස් පළ කරන අතර වාරයේ උදය ගම්මන්පිල මහතා පලකළ අදහස අප නැවත මතක් කිරීමට අදහස් කළා.

එහිදී මාධ්‍යවේදියෙකු ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අපේක්ෂකයා කවුදැයි යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ රටේ මිලියන 22 ක ජනතාවගේ ඉරණම ජනාධිපතිවරයා හරහා තීරණය කෙරෙන බැවිනි පරිපාලන හෝ දේශපාලන අත්දැකීම් නොමැති පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් කිරීම නොකළ යුතු බව රටේ ජනතාව විස්වාස කරන බවයි.

තමන් ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළ බව පැවසූ ගම්මන්පිල මහතා අවධාරණය කළේ ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය නොකළ පුද්ගලයෙකු ජනාධිපති වරයෙකු ලෙස පත්කිරීමට ජනතාව පියවර නොගත යුතු බවයි.

ඒ පිළිබඳ පාඩම් ජනතාව ඉගෙන ගෙන ඇති බවද ඔහු එදා පැවසුවා.

About The Author