Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තනි පුද්ගලයෙකුට පමණක් වාහන වල ගමන් කිරීම තහනම් කිරීමේ යෝජනාවක්

වාහන මිලදී ගැනීම නොව භාවිතා නොකර සිටින්නැයිද යෝජනා කෙරේ

තනි පුද්ගලයෙක් වාහනයක ගමන් ගන්නා විට විශාල ඉන්ධන ප්‍රමාණයක් පිළිස්සෙන බවත් එබැවින් කිසියම් වාහනයක් මාර්ගයෙහි ධාවනය කරන්නේ නම් එහි පුද්ගලයන් තිදෙනෙකු හෝ හතර දෙනෙකු ගමන් කිරීම අනිවාර්ය කිරීමේ නීතියක් සම්පාදනය කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා යෝජනා කරනවා.

වසරකදී ඉන්ධන ආනයනය සඳහා ඩොලර් බිලියන 7 ක් වෙන් කරන බැවින් කඩේට, පොළට වැනි අත්‍යාවශ්‍ය නොවන ගමන් සඳහා ඉන්ධන වැය නොකරන ලෙස ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ මොහොතේ ජනතාව අවධානය යොමුකළ යුත්තේ වාහන ආනයනය ගැන නොව තමන් සතුව මේ වන විටත් ඇති වාහන ධාවනය කරන්නේද? නොකරන්නේද? යන්න පිළිබදව බවයි රාජ්‍ය අමාත්‍යවරයා සිහිපත් කරන්නේ.

අනාගතය භයංකාර බවත් තම ගෙවත්තෙහි පෝච්චියක හෝ පළතුරක්, එළවලුවක් වවාගන්නා ලෙසද දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තමන් සත්‍ය තත්වය පවසන බවයි.

ඉදිරියේදී කිරිපිටි පවා ගෙන්වීමට නොහැකි වනු ඇති බවත් කුමන ආණ්ඩුව බලයට පත් වුවත් රට මුහුණ දී ඇති ඩොලර් අර්බුධයෙන් ගොඩ එකවර ගොඩ ඒම කළ නොහැකිවනු ඇති බවත් ඔහු පවසනවා.

About The Author