Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තත්වය කළමනාකරණය අපහසුයි, ලංකාවේ අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ හිඟයක් – ඉන්දීය ප්‍රධාන මාධ්‍යයක් වාර්තාකරයි

ආර්ථික ක්‍රියාවලිය සහ වෙළඳාම අඩපන වෙලා

මේ වන විට කොරෝනා අවධානමද සමගින් ශ්‍රී ලංකාව තුළ අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇතැයි ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සඟරාවක් වන Frontline වාර්තා කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ කොරෝනා අර්බුදය හමුවේ ලංකාව මුහුණ දෙන මෙම ආහාර හිඟය ඇවිලෙන ගින්නකට ඉන්ධන එක් කිරීමක් හා සමාන බවයි.

රජය විසින් පැවැත්වීම හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් හමුදා නිලධාරීන් යොදා ගනිමින් කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන අදාළ වාර්තාව මගින් මතු කර තිබෙන්නේ මෙම තත්ත්වය තුළ ද ඉහළ යන භාණ්ඩ මිල සාමාන්‍ය ජනතාවට කිසිසේත් දරාගත නොහැකි මට්ටමකට ළඟාවී ඇති බවයි.

විදෙස් සංචිත හිස් වීම සහ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය බරපතල ලෙස අවප්‍රමාණය වීම ශ්‍රී ලංකාව මුහුණ දෙන අනෙක් ප්‍රධානතම ගැටලුව බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

විදෙස් සංචිත පහත වැටීම නිසා විනිමය අනුපාතික දුර්වල වී ඇති බවත් ආනයන වලට හා ණය වාරික ගෙවීමට ශ්‍රී ලංකාවට අතිශයින්ම අපහසු වී ඇති පසුබිමක අනෙක් රටවලින් ආහාර හා ඖෂධ මිලදී ගැනීමේදී බාධා එල්ල වී ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන හා ගෑස් ආනයනයද අර්බුදයක් වනු ඇති බව පවසන අදාළ මාධ්‍ය වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ඉන්ධන ප්‍රවේශමෙන් භාවිතා කරන්නැයි ජනතාවට දැනුම් දී ඇති බවද පවසනවා.

අදාළ වාර්තාව මෙතනින්..

About The Author