මේ වන විට කොරෝනා රෝග ව්‍යාප්තිය සීග්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.
රට පුරා පසුගිය දින වල කතා බහට ලක්වූ පිළියන්දල සහ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල තත්වයද මේ වන විට නරක අතට හැරෙමින් පවතිනවා.
කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත මරණ වේගයෙන් ඉහල යමින් පවතින අතර දිනකට පුද්ගලින් දෙදෙනෙකු හෝ ඊට වඩා මිය යා හැකි බරපතල තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරන්නේ අලුත් අවුරුදු සමය වන තෙක් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් වාර්තා වී තිබුණේ කොරෝනා මරණ 4 ක් පමණක් බවයි.
නමුත් මේ වනවිට එම ප්‍රදේශයෙන් දිනකට කොරෝනා මරණ දෙකක් වාර්තාවන බවත් ඊළඟ සතියේ එය තවත් ඉහල යනු ඇති බවත් ඇය සඳහන් කරනවා.
දැනට පවතින තත්ත්වය අනුව දිස්ත්‍රික්කයම ලොක්ඩවුන් කළ ද බේරා ගැනීමට අපහසු තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද අවධාරණය කරන ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පුරවැසි වගකීම පිළිබඳ සිතා කටයුතු කරන ලෙසයි.
මෙතෙක් එම ප්‍රදේශයේ ආසාදිතයන් වාර්තාවීම අඩුවීමක් පෙන්නුම් නොකරන බවද පවසන ඇය මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලින් 30%ක් කොරෝනා ආසාදිතයන් යයි හෙළි වී ඇතැයිද කියා සිටියා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට