රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ඔහුගේ ආරක්ෂකයින්ද සමග අම්පාර මහඔය අඩවි වන කාර්යාලය ට පැමිණ එහි නිලධාරීන්ට බැණ, තර්ජනය කර ඔවුන්ගේ භාරයේ සිටි සැකකරුවෙකු මුදා ගෙන ගොස් ඇතැයි අඩවි වන නිලධාරීන් සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු මහඔය ටැම්පිටිය රක්ෂිතයේ විශාල ප්‍රමාණයේ ගස් විදුලි කියතකින් කුට්ටි කරමින් සිටියදී වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සැකකරු මුදාගැනීමට අඩවි වන කාර්යාලයට කඩා වැදුණු පිරිස අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාට අමතරව මහඔය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද සිටි බවයි නිලධාරීන් පවසන්නේ.
එමෙන්ම රාජ්‍ය ඇමැතිවරයා අම්පාර දිසා වන නිලධාරියාට දුරකතනයෙන් අමතා බැණ වැදුණු බවටද චෝදනාවක් එල්ලවනවා.
තව පොඩ්ඩෙන් මම ගුටිකනවා රාජ්‍ය ඇමතිගෙන් පොලිසියට පැමිණිල්ලක්
මේ අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කරන්නේ මහඔය වනජීවී කාර්යාලයේදී වනජීවී නිලධාරීන් විසින් තමන්ට පහර දීමට උත්සහ කළ බවයි.
විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මහඔය පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට